Home Hit කලකට පසු ජාත්‍යන්තර නිරීක්ෂකයින් නොමැතිව පැවැත්වෙන පළමු මැතිවරණය මෙවර

කලකට පසු ජාත්‍යන්තර නිරීක්ෂකයින් නොමැතිව පැවැත්වෙන පළමු මැතිවරණය මෙවර

61
0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය මෑත කාලයක ජාත්‍යන්තර නිරීක්ෂකයින් නොමැතිව පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම වන බව Sunday Times වාර්තා කරයි.

යුරෝපා සංගමයේ මෙන්ම ආසියානු නිරීක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සලසන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගිය මස දී විදේශ සබඳතා අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බවත් එනමුත් එම නිරීක්ෂකයන්ගේ නිරෝධායට අදාල ඉඳුම් හිටුම් වලට සම්බන්ධ ඉල්ලීම් රජයේ ස්ථාවරයට අනුකූල නොවූ බව නිල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරටට පැමිණ පීසීආර් පරීක්ෂණ කිරීමෙන් අනතුරුව ඔවුන් හට නැවතීම සඳහා කොළඹ හිල්ටන් හෝටලය ඉල්ලා සිටි නමුත් එම හෝටලය විදේශයන්හි සිට පැමිණෙන්නන් හට නිරෝධායනය වීමට වෙන් කර ඇති හෝටලයක් නොවන බව රජය දැනුම් දී ඇත. එමෙන්ම ගුවන්තොටුපල වසා දමා ඇති තත්වයක් තුල ඔවුන් වෙනුවෙන් ගුවන් යානයක් සූදානම් කිරීමේ අපහසුවක්ද පැණ නැගුණු බව අදාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි.

යුරෝපා මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් හට ගුවන් ගමන් පහසුකම් සැපයීමටත් ඉඳුම් හිටුම් පහසුකම් සැපයීමටත් රජය උත්සුක නොවූ බවත් ඔවුන් හිල්ටන් හෝටලය පිළිබඳව සඳහන් කළද එය ලබා දිය නොහැකි නම් එම මට්ටමේ සුදුසු හෝටලයක් ඔවුන් වෙනුවෙන් ලබා දිය හැකිව තිබූ බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩි දුරටත් එම ආරංචි මාර්ග පවසන්නේ ඊට අදාල සියළුම වියදම් යුරෝපා සංගමය මගින් දරන බැවින් එය අපහසු කාරණයක් නොවන බවයි. ගුවන්තොටුපල වසා දමා ඇති බව පිළිබඳව පූර්වාබෝධයකින් කටයුතු කළ යුතුව තිබූ බවත් නිරීක්ෂකයන් හට අදාල පහසුකම් නොසැපයීම හේතුවෙන් දැන් ඔවුන් මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නොපැමණෙන බවත් මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසනවා.

මේ අතර, යුරෝපා සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටින්නේ, 2019 දී ජනාධිපතිවරණය සඳහා යුරෝපා සංගමය කළාක් මෙන්, එළඹෙන ව්‍යවස්ථාදායක මැතිවරණය නිරීක්ෂණය කිරීමට ඔවුන්ට ආරාධනා ලද බවත්, ඔවුන් පැමිණීමට සූදානමින් සිටි බවත් ය. කෙසේ වෙතත්, පවත්නා සනීපාරක්ෂක තත්වයන් සහ ඒවායේ බලපෑම නිසා අංග සම්පූර්ණ නිරීක්ෂණ කණ්ඩායමක් යෙදවීම කළ නොහැකි වූ බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here