Home Hit අනුර කුමාර පළමු වතාවට හෙළි කරන සංවේදී කතාව (VIDEO)

අනුර කුමාර පළමු වතාවට හෙළි කරන සංවේදී කතාව (VIDEO)

154
0

පසුගිය දිනක පැවති උත්සව සභාවක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සංවේදී විය.

තමන් සමඟ එකට පාසල් ගිය, එකට අධ්‍යාපනය ලද, එකට කෑ-බිව්, එකට දේශපාලනය කළ සිය ඥාතී සොයුරාට කෝලහාල සමයේදී වෙඩිතබා ඝාතනය කර ටයර් සෑයක දවන ලද එම කථාව ප්‍රථම වරට ඔහු හෙළි කරන ලදි.

“1989 දෙසැම්බර් මාසයේ 15 වන දින මට වෙඩි සද්දය ඇසෙන මානයේ ඔහුට වෙඩි තබා ඝාතනය කළා ඔහු සහ මගේ පාසලේ කිට්ටුම මිත්‍රයා ප්‍රේමසිරි. ඔවුන් එප්පාවල ඇඳගල බෝ ගහ ගාව ටයර් සෑයක දාලා විනාශ කළා. මගේ අම්මටවත්, ඔහුගේ අම්මාටවත් අදමම මෙහෙම කියන තෙක් ඔහු මට වෙඩි සද්දය ඇසෙන මානයේ මියගිය බව පවසා නැහැ” යැයි ඔහු පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here