Home Hit කටුනායක ගුවන් තොටුපළ වෙත තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක්

කටුනායක ගුවන් තොටුපළ වෙත තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක්

75
0

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙකු සහ වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු අද (02) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් පැමිණි බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය

අද දින අලුයම 2.15 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු රැගෙන ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . මෙම ගුවන් මගීන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද විය.

ඉන්පසුව අද දින අලුයම 4.15 ට එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු රැගෙන , එරට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මේ අතර කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු රැගෙන කටාර් හි දෝහා ගුවන් තොටුපළේ සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම 1.15 ට පැමිණ තිබුණි.

(කටුනායක – ටී.කේ.ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here