Home Hit ප්‍රේමලාල් ජයසේකරගේ අපේක්ෂකත්වය ඉවත් කරන ලෙස ඉල්ලමින් මහින්ද දේශප්‍රියට ලිපියක්

ප්‍රේමලාල් ජයසේකරගේ අපේක්ෂකත්වය ඉවත් කරන ලෙස ඉල්ලමින් මහින්ද දේශප්‍රියට ලිපියක්

131
0

මරණීය දණ්ඩණයට නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතාගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත බව ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගයේ නිත්‍ය නියෝජිත රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.

2020 අගෝස්තු 2

මහින්ද දේශප්‍රිය මහතා,
සභාපති
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

මහත්මාණෙනි,

ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත බව සම්බන්ධයෙනි

රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරනු ලැබූ පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය ප්‍රකාරව මරණ දඬුවම නියම වූ දිනයේ සිට පුරවැසිබලය අහිමිවේ. ඒ අනුව, 2020 අගෝස්තු 5 දින පැවැත්වෙන මහා මැතිවරණයේ දී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන අවස්ථාව හිමි නොවේ.

මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් නොලබන කිසිදු අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය යටතේ ඡන්දය ඉල්ලීම සඳහා වන අයිතිය ද අහිමි (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යටත් වන අනුශක්තාව) වේ. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ මනාප අංක 13 යටතේ තරඟවදින අපේක්ෂකයාට නීතියේ ඉදිරියේ වලංගු අපේක්ෂකයෙකු නොවන නිසා ඔහුට සලකුණු කරනු ලබන ඡන්ද සියල්ල අපතේ යන ඡන්ද බවට පත්වන බව මැතිවරණ කොමිෂන් සභාව හොඳින් දන්නා ස්ථාපිත කරුණකි.

එවැවින්, අගෝ. 5 දින මැතිවරණයට ප්‍රේමලාල් ජයසේකර ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි බවට වන නිල දැනුම්දීම සිදු කිරීම මැතිවරණ කොමිසම සතු වගකීමකි. ඒ රත්නපුර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරි වෙත දැනුම්දීමට කටයුතු කරන ලෙස ද ඉල්ලමි. තව ද, ඔහුගේ අංකයට සලකුණු කරනු ලබන මනාපයක් වේ නම් එය ශුන්‍ය හා බලරහිත බව ප්‍රකාශ කිරීම ද. කොමිසම සතු වගකීමක් බව කාරුණිකව සිහිපත් කරමි.

මෙයට විශ්වාසී,

රජිත් කීර්ති තෙන්නකෝන්
නිත්‍ය නියෝජිත/සමගි ජනබලවේගය

1. දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි – රත්නපුර
2. කොමසාරිස් ජෙනරාල් – මැතිවරණ කොමිෂන් සභාව
3. සහකාර මැතිවරණ කොමසාරිස් – රත්නපුර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here