කිසිදු පදනමක් නොමැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් කටයුතු කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
මෙවැනි කටයුතු මඟින් තමා බියට පත් කිරීමට ඔවුන්ට නොහැකි බවද ජනාධිපතිතුමා සඳහන් කරයි.
අද (01) බදුල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂක තේනුක විදානගම මහතා විසින් මහියංගනය මහවැලි ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබු හමුවකට එක්වෙමින් ජනපතිවරයා මේ අදහස් පළකළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනයෙන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මැතිවරණය අවසන් වූ වහාම අඩු ආදායම්ලාභීන් සහ උපාධිලාභීන් සඳහා සැලසුම් කළ රැකියා එක්ලක්ෂ පනස්දහස ලබාදීම සිඳුවනු ඇත. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමතුන්ට පුහුණුවක් සමග රැකියා දීමට වැඩපිළිවෙළක් සකස් කරන බව පැවසීය.
රට ගැන සිතන නායකයෙකු බලයට පත් සෑම අවස්ථාවකම එම වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම කුමන්ත්රණකාරී සහ අන්තවාදී කණ්ඩායම්වල ඉලක්කය විය. කිසිදු පදනමක් නැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටිති. මා බියපත් කිරීමට ඔවුනට නොහැකි බව සඳහන් කළ මම දුප්පත්කම තුරන් කිරීමට ගෙන යන වැඩපිළිවෙල ආපසු හැරවීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව ජනපතිවරයා අවධාරණය කළේය.
අතරමග නතර වී ඇති මොරන් ඇල වාරි ව්‍යාපෘතිය කඩිනමින් නිම කර මහියංගනය ප්‍රදේශයේ පානීය ජල ගැටළුව විසඳන බව මම පොරොන්දු වුනෙමි. වන අලි තර්ජනය, මත්ද්‍රව්‍ය උවදුර සහ දෙහිගොල්ල මහා විද්‍යාලයේ අඩු පාඩු පිළිබඳව රැස්ව සිටි ජනතාව ජනපතිවරයාව මෙහිදී දැනුවත් කළේය.