Home Hit දරැවගෙ පෙකනිවැල පොරෙ⁣වෙන් කපන රටේ, අපි බලන්නෙ දොස්තරවරැ වෙන්න – ආචාර්ය ඒ.ටී...

දරැවගෙ පෙකනිවැල පොරෙ⁣වෙන් කපන රටේ, අපි බලන්නෙ දොස්තරවරැ වෙන්න – ආචාර්ය ඒ.ටී ආරියරත්න

64
0

පක්ෂ සහ බලකාමී දේශපාලනයෙන් රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කිරීමට අපහසු බව සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා පවසයි.

එමඟින් සිදුවන්නේ පක්ෂය සහ පක්ෂයට උදව් කළ අයට සේවය කිරීමට පෙළඹීම මිස රටට අවශ්‍ය සේවයක් නොවන බවත් එවැනි දේශපාලනයක් මෙරටට අවශ්‍ය නොවන බවත් ඒ මහතා පවසයි.

කොළඹ පිහිටි පක්ෂ කාර්යාලයකින් තෝරා ගන්න ලද පිරිසකගෙන් ජනතාවට කෙනෙක් තෝරා ගැනීමට ඉඩ සලසා දීම වර්තමානයේ ඡන්ද ක්‍රමය වී ඇති අතර මහජනතාව තුලින් මතු වූ නායකත්වයක් එහි නොමැති බවත් ඒ මහතා පවසයි.

සර්වෝදය ගොඩනැගීමට මුල් වූ කාරණයක් පැහැදිලි කරමින් අදහස් දැක්වූ ඒ මහතා, 1956 වසරේදී ආරියරත්න මහතා කුලහීන ලෙස හඳුන්වන ගම්මාන බැහැදැකීමට යාමේදී එක්තරා ගමක ස්ත්‍රියක් දරු ප්‍රසුතිය සිදුකරන අවස්ථාවක ඇයගේ ස්වාමි පුරුෂයා දරුවා බිහිවුන පසු පෙකනිවැල කැපීමට පොරවක් තබා සිටි බව මතක් කල ඒ මහතා වින්නඹු මාතාවක් යනු කවරෙක්ද කියාවත් එම ගම්මාන වල මිනිසුන් නොදන්නා බව මතක් කළේය.නමුත් මෙහි අපි වෛද්‍යවරුන් වීමට උත්සහ දරන බව ඔහු ප්‍රකාශ කළේය.

මෙරට පාලනය කිරීමට ඔහු විශ්වාස කරන මහත්මා ගාන්ධි විසින් කළ “ග්‍රාම ස්වරාජ” ක්‍රමය වර්තමානයේ වුවත් ක්‍රියාත්මක කළ හැකි බව පෙන්වා දෙන ඒ මහතා වසර 2500ක් අතීතයේ අපරට තුල තිබු පාලන ක්‍රම වෙනුවට පිටරටකින් අභාෂය ලද පාලනයක් මේ වන විට සිදුකරන බව පවසයි.

එමෙන්ම ඒ මහතාගේ අත්දැකීම හෝ “ග්‍රාම ස්වරාජ” ක්‍රමය පිළිබඳව මෙතෙක් සිටි කිසිම නායකයෙක් තමාව කනවා නොවිසවීම පිළිබඳව කණගාටුවන බවද ඒ මහතා අදහස් දක්වමින් පැවසීය.

https://www.facebook.com/voicetelevisionlk/videos/2623885067926196/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here