Home Hit තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

49
0

කැකිරාව, ඉහළගම හන්දිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පහරකෑමෙන් තුවාල ලබා සිටි එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

මියගොස් ඇත්තේ 33 හැවිරිදි කැකිරාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඊට සම්බන්ධ සැකකරු කැකිරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here