Home Hit මැතිවරණ රාජකාරීවලදී සෞඛ්‍යාරක්ෂාව ඉල්ලා ගුරුසේවා සංගමයෙන් මැ.කො ට ලිපියක්

මැතිවරණ රාජකාරීවලදී සෞඛ්‍යාරක්ෂාව ඉල්ලා ගුරුසේවා සංගමයෙන් මැ.කො ට ලිපියක්

44
0

මැතිවරණ රාජකාරීවල නිරත ගුරු සහ විදුහල්පතිවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

මැතිවරණ රාජකාරීවලදී සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් නිළධාරින්ගේ පවතින අවිශ්වාසය හා සැකය දුරු කිරීමට මෙතෙක් පැහැදිලි වැඩපිළීවෙලක් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට නොලැබෙන බවයි ලංකා ගුරු සේවා සංගමය එමගින් පෙන්වා දී ඇති බව නිව්ස් රේඩියෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ආණ්ඩුව අදූරදර්ශී ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින බවත් එහිදී ඇතිවූ ඇතැම් සිද්ධීන් හේතුවෙන් සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ගුරු සහ විදුහල්පතිවරුන් තුල අවිශ්වාසය ගොඩ නැගී ඇති බවත් එම සංගමය සඳහන් කරනවා.

එබැවින් කොවිඩ් වසංගත තත්වය හමුවේ මැතිවරණය පැවැත්වෙන අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට අදලවන කඩිනම් වැඩපිළිවෙලක් සකස්කරන ලෙසයි ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here