Home Cricket විදෙස් ක්‍රීඩකයන් 143 දෙනෙකු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට කැමැත්ත පළ කරයි

විදෙස් ක්‍රීඩකයන් 143 දෙනෙකු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට කැමැත්ත පළ කරයි

110
0

ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භක විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා විදේශීය ක්‍රීඩකයන් 143 දෙනෙකු මේ වනවිට කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ඉන්දීය ක්‍රීඩක ඉර්ෆාන් පතන්, ප්‍රහාරාත්මක නවසීලන්ත පිතිකරු මාටින් ගප්ටිල්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් වන හෂීම් අම්ලා සහ වර්නන් ෆිලැන්ඩර් ද ඒ අතර වන බව සඳහන්.

මෙරට ක්‍රිකට් පිටියේ ප්‍රධානතම ක්‍රිකට් තරඟාවලිය වන මෙය ලබන අගෝස්තු මස 28 වනදා සිට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඊට ක්‍රිකට් ආයතන විධායක සභාවේ අනුමැතිය ද පසුගියදා හිමිවුනා. ඒ අනුව අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා ක්‍රීඩාංගණ 4කදී තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.

සමස්ත තරග 23කින් යුත් තරඟාවලියේ සියළු තරග කොළඹ ආර්.ප්‍රේමදාස, රංගිරි දඹුල්ල, මහනුවර පල්ලෙකැලේ සහ සූරියවැව ක්‍රීඩාංගණවලදීයි පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.

තරගාවලිය සඳහා කණ්ඩායම් 5ක් සහභාගී වන අතර එම කණ්ඩායම් නම් කිරීම සිදුවන්නේ කොළඹ මහනුවර දඹුල්ල ගාල්ල සහ යාපනය නගර මුල් කර ගනිමින්. මෙම තරඟාවලිය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ පුහුණුකරුවන් 10 දෙනෙකුට වැඩි පිරිසක් ද මේවන විට කැමැත්ත පළකර තිබෙනවා.

ඔවුන් සමග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන සියලු ක්‍රීඩකයන් ද තරඟාවලියට එක්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා වූ ලංසු තැබීමේ කටයුතු ඊයේ දිනයෙන් අවසන් වුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here