Home Hit සැක සහිත කොරෝනා ආසාදිතයෙකු නිසා උතුරු කොරියාවේ නගරයක් වසා දමයි

සැක සහිත කොරෝනා ආසාදිතයෙකු නිසා උතුරු කොරියාවේ නගරයක් වසා දමයි

103
0

කොරෝනා ආසාදිත බවට සැක පලවන පුද්ගලයකු නීති විරෝධීව රටට ඇතුළුවීම හමුවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර කේසොන්ග් නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පියවර ගනු ලැබීය .

උතුරු කොරියාව සඳහන් කළේ, මීට තුන් වසරකට පෙර දකුණු කොරියාවට පලාගිය මෙම පුද්ගලයා ඉකුත් 19 වනදා නීති විරෝධී ලෙස යළි උතුරු කොරියාවට ඇතුළු වී ඇති බවය.

ඉන් පසු නිරෝධායනයට ලක්කෙරුණු මෙම පුද්ගලයා ආසාදිතයෙකු බවට තහවුරු වුවහොත් උතුරු කොරියාව එරට කොරෝනා ආසාදිතයන් සිටින බව පිළිගත් ප්‍රථම අවස්ථාව මෙය වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here