Home Hit 25 වසරක ආඥාදායකත්වයට විරැද්ධව තරඟ වදින බෙලාරුස් හි 37 හැවිරිදි තරැණිය

25 වසරක ආඥාදායකත්වයට විරැද්ධව තරඟ වදින බෙලාරුස් හි 37 හැවිරිදි තරැණිය

161
0

ජනාධිපතිවරණ දිනය ආසන්න වීමත් සමඟ බෙලාරුස් හි දේශපාලන ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් අත් අඩංගුවට ගැනීම ඇරඹී ඇතැයි BBC ලෝක පුවත් සේවය වාර්තා කරයි

ලබන මස පැවැත්වෙන බෙලාරුස් ජනාධිපතිවරණයේදී එරට වත්මන් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝට සිටින ප්‍රධාන ප්‍රතිවාදියා කාන්තාවක් වීම ලොව පුරා කතාබහට තුඩු දී ඇත.

bne IntelliNews - “Putin must be happy with events in Minsk” says ...
President Lukashenko and President Putin

ආරම්භයේදී ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකාෂෙන්කෝ හට ප්‍රධාන ප්‍රතිවාදීන් සිව්දෙනෙකු සිටින ලදි. ඉන් දෙදෙනෙකු සිරගත කරන ලද අතර එක් අයෙකුට අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වීම ප්‍රතික්ෂේප වන ලදි. අනෙකා කාන්තාවක් බැවින් බෙලාරුස් හි දීර්ඝ කාලීන නායකයා ඇයව තර්ජනයක් ලෙස නොසලකන ලදි.

ස්වෙට්ලානා ටිඛනොව්ස්කායා 37 හැවිරිදි භාෂා ගුරුවරියක් වේ. ඇය මවක්ද වන අතර ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ඇයගේ සැමියා ව්ලොගර් සර්ජි ටිඛනොව්ස්කි ජනාධිපති ධුරයට තරඟ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කිරීමෙන් දින දෙකකට පසුව අත්අඩංගුවට පත් වීම නිසායි.

Belarus rally for presidential challenger largest in years | News ...
Svetlana Tikhanovskaya

කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් වත්මන් ජනාධිපතිවරයාගේ ඇති උදාසීන දායකත්වය එරට ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව ඇත. වොඩ්කා මධ්‍යසාර පානය කිරීමෙන් කොරෝනා සුව වන බවට එම ජනපතිවරයා හාස්‍යජනකව සිදු කළ ප්‍රකාශය ලොවපුරා සෞඛ්‍ය අංශයන්හී විවේචනයට පවා ලක් විය. මේ හේතුවෙන් එරට වීදි පුරා දිනෙන් දින විරෝධතා මතුවීම මෙන්ම සාමකාමී විරෝධතා වලට සිදුවන පොලිස් පහරදීමද සුලභ දසුනක් බවට පත්ව ඇත.

Belarus police said they have detained more than 250 people across the country after protests over the banning of several opposition candidates from the presidential election
Sergei GAPON AFP/File

කාන්තාවකට ඡන්දය දීමට තරම් එරට පරිණත වී ඇත්දැයි මෙන්ම සාධාරන මැතිවරණයක් පවතී දැයි යන්න පිළිබදවද ඇයට සැක සහිතය. නමුත් 26 වසරක් පුරාවට එරට වෙලාගත් ඒකාධිපති පාලනයෙන් රට මුදා ගැනීමට ජනතාව ඉදිරිපත් වනු ඇති බවට ඇය විශ්වාසයෙන් පසු වෙයි.

Belarus: Thousands join rally in support of opposition ...
https://www.ruptly.tv/
Belarus election: Snatched from the streets of Europe's 'last dictatorship'

"I believe that our president will understand his time is over."Activists and journalists are being rounded up and jailed in Belarus ahead of August’s elections. President Alexander Lukashenko has been in power for 26 years, but opposition is growing.bbc.in/2E6lEQN

Posted by BBC News on Thursday, July 23, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here