Home Business මෙරට 2020 වසරේ පළමු කාර්තුවේදී රස්සා නැති පිරිස ලක්ෂ 4 ඉක්මවයි

මෙරට 2020 වසරේ පළමු කාර්තුවේදී රස්සා නැති පිරිස ලක්ෂ 4 ඉක්මවයි

123
0

මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව 483,172 ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නවතම වාර්තාවේ දැක්වෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස සියයට 5.7ක්. කෙසේවෙතත් පසුගිය වසරේදී පළමු කාර්තුවේ මෙරට රැකියා වියුක්ති අනුපාතිකය පැවතියේ සියයට 4.7% ක් ලෙසයි.

මේ අතර මෙම වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයේ පහළ යාමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

අප්‍රේල් මාසය අවසානයේදී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව දහඅට ලක්ෂ විසිදෙදහස් හතලිස් හයක් (18,220,46) ක්වූ අතර එය මැයි මාසය තුළ දී හඅට ලක්ෂ විසිඑක්දහස් එකසිය අටක් (18,211,08) දක්වා පහළ ගොස් ඇති බව නිව්ස් රේඩියෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

2019 වසරේ දෙසැම්බර් අවසාන වන විට මෙරට පැවති සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය දහඅට ලක්ෂ විසිනවදහස් නවසිය විසිහතක් (18,299,27)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here