Home Hit බන්ධනාගාරය තුළට ජංගම දුරකථන එවන අලුත්ම ක්‍රමය

බන්ධනාගාරය තුළට ජංගම දුරකථන එවන අලුත්ම ක්‍රමය

82
0

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පය ට ඉහළින් විසි කළ පාර්සල් 18ක තිබී හෙරොයින් ඇතුළ තවත් ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ.

ඊයේ (15) රාත්‍රියේ දී බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් මෙම පාර්සල් විසි කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව එම පාර්සල්වල තිබී ජංගම දුරකථන 38ක්, දුරකථන බැටරි 264ක්, සිම් කාඩ්පත් 20ක් , හෙරොයින් ග්‍රෑම් 3.5ක්, මාවා පැකට් 10 ක් හා දුම්කොළ 40ක් සොයා ගෙන තිබේ.

මෙම ද්‍රව්‍ය සියල්ල බොරැල්ල පොලීසියට මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී ඇත.

මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පුද්ගලයින් 7ක් දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here