Home Hit රනිලුයි,සජිතුයි පුළුවන් නං කොරෝනා හදාගෙන කියයි ඡන්දෙ කල් දාන්න කියලා – සුසිල්

රනිලුයි,සජිතුයි පුළුවන් නං කොරෝනා හදාගෙන කියයි ඡන්දෙ කල් දාන්න කියලා – සුසිල්

71
0

සෞඛ්‍ය ඇමතිනිය ඇයගේ රාජකාරිය ඉතාමත් හොඳින් ඉටු කළ බව හිටපු අමාත්‍යය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඒ අද (16) පැවති මාධ්‍යය හමුවක් අමතමින්:

සෞඛ්‍යය ඇමතිනිය අපේක්ෂිකාවක් නිසා ඇය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල යෙදෙන බවත් ඇය කොරෝනා බෝ කර රටේ ඇවිදින බවට රනිල් වික්‍රමසිංහ මහතා කරන චෝදනාව අසාධාරණ බවත් ඒ මහතා අවධාරණය කර සිටිනවා.

බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණයට බොහොමයක් කලකට පෙර සිටම මැතිවරණයේ ඉලක්ක සකස් කළ බවත් මෙවර 2/3 බලය ලබා ගන්නා නිසා තම පක්ෂයට ජාතික ආණ්ඩුවකට යාමට කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බවත් එම මහතා පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් දෙවන රැල්ලක් ඇති නොමැති බව තහවුරු කරන බවද මෑතකදී හමුවූයේ කන්දකාඩු මධ්‍යස්ථානයෙ යම් පොකුරක් පමණක් බවද එය මේ වන විට පාලනය කර ඇති බවද එම මහතා ප්‍රකාශ කර සිටියි.

වැලිකඩ බන්ධනාගරයේ රැඳවියන් කොරෝනා බෝකරගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යාමට උත්සහ කරන බව මාධ්‍යය වාර්තා කර ඇති බවත් මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාගේ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ හැසිරීමද මීට සමාන බවද ඔහු පවසා සිටිනවා.

එක්සත් ජාතික පක්ෂයේ සිදුවූ මේ බෙදීම එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ සිදුවූ විශාලතම බෙදීම බවත් මැතිවරණයේ ඡන්ද බෙදීම කෙලෙසකින් සිදුවෙ‍යිද යන්න සිතාගත නොහැකි බවත් එම මහතා ප්‍රකාශ කර සිටිනවා.

රනිලුයි-සජිතුයි පුළුවන් නං කොරෝනා හදාගෙන කියයි ඡන්දෙ කල් දාන්න කියලා.

රනිලුයි-සජිතුයි පුළුවන් නං කොරෝනා හදාගෙන කියයි ඡන්දෙ කල් දාන්න කියලා.

Posted by Newshub.lk on Thursday, July 16, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here