Home Coronavirus 2020 සිය සොයුරාට කොරෝනා ආසාදනය වීම නිසා සෞරව් ගංගුලි නිරෝධායනයට

සිය සොයුරාට කොරෝනා ආසාදනය වීම නිසා සෞරව් ගංගුලි නිරෝධායනයට

100
0

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සෞරව් ගංගුලිගේ වැඩිමහල් සහෝදරයා වන සහ බෙංගාල ක්‍රිකට් සංගමයේ සම ලේකම් වන ස්නේහෂිෂ් ගංගුලි හට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව සෞරව් ගංගුලිද නිරෝධායනයට ලක් වී ඇති බව The Hindu වාර්තා කරයි.

ඉන්දියාව තුල ශීඝ්‍රයෙන් කොරෝනා වෛරසය පැතිරීම නිසාවෙන් සෞරව් ගංගුලි සිය රාජකාරි කටයුතු සිය නිවස අසල කාර්යාලයක සිට සිදු කර ඇති අතර ඔහු සහභාගී වන ජනප්‍රිය බෙංගාලි රූපවාහිනී වැඩසටහනක රූපගත කිරීම් ද නැවතී තිබී ඇත.

ස්නේහෂිෂ් ගංගුලි හට සුළු උණ තත්වයක් තිබීම හැරුණු කොට වෙනත් අපහසුතාවයක් නොමැති බවත් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here