Home Hit රනිල්,රවී මැදගොඩ හාමුදුරුවොන්ගෙ පිරිත් නූලෙන් දේශප්‍රේමීන් ලෙස භෞතීස්ම වුනා

රනිල්,රවී මැදගොඩ හාමුදුරුවොන්ගෙ පිරිත් නූලෙන් දේශප්‍රේමීන් ලෙස භෞතීස්ම වුනා

168
0

ආණ්ඩුවට කොරෝනා වීරයන් වීමට අවශ්‍යය වූ නිසා තොරතුරු සැඟවූ බවට සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු චමීර පෙරේරා මහතා චෝදනා කර සිටිනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ අද (16) පැවති මාධ්‍යය හමුවකට එක් වෙමින්.

රෝගීන් 200 හමුවන විට රජය විසින් වාර්තා කරන්නේ රෝගීන් 56ක් පමණක් බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන බවත් තමන් සොයා ගන්නා කොරෝනා රෝගීන් හට කොරෝනා නැතැයි රජය පවසන නිසා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය PCR පරීක්ෂණ කිරීමෙන් ඉවත් වූ බවත් එම මහතා පෙන්වා දෙනවා.

කොරෝනා දෙවන රැල්ල හමුවේ ආණ්ඩුව විසින් දින 3කට මැතිවරණ ව්‍යාපාරය නතර කිරීම විහිළු සහගත බවත් එය පෑස්බරා ඔලුව සඟවා ගැනීමට සමාන බවත් ඒ මහතා පවසනවා.

“පැස්බරා වගේ තමයි. මොකක් හරි එනකොට ඔලුව හංග ගන්න හදනවා. හැබැයි පස්ස එළියේ. මේ ආණ්ඩුවටත් වෙලා තියේන්නේ ඒක තමයි

දැන් අපි අහන්න ඕනෙ අර කොරෝනා දේවී වන්නිආරච්චි මැතිණියගෙන්, එතුමිය දිගින් දිගටම කිව්වා අපි දැන් මේ රෝගය අවසන් කරලා තියෙන්නේ කියලා. බැරි වෙලාවත් රෝගය ආයෙත් මතු උනොත් ජනතාවගේ වරදෙන් කිව්වා. අපිද ඡන්දයක් ඉල්ලුවේ?” යැයි ඔහු පවසයි.

2015-19 ආණ්ඩුව කාලයේදී මූලික වැටුප 11,000 සිට 23,000 දක්වා වැඩි වූ බවත්, බස් ගාස්තු අඩු කළ බවත් රාජපක්ෂ ආණ්ඩුවට වැඩි කිරීමට නොහැකි වූ අධ්‍යාපනයට වෙන් කළ මුදල 0.1% සිට 1%ට වඩා වැඩි ප්‍රමාණයකට වැඩි කළ බවත්, හෘද සැත්කම් වලට මුදල් ලබා දුන් බවත්, පහළම ජන කණ්ඩායම් වලට නිවාස සාදා දුන් බවත් ඒ මහතා ප්‍රකාශ කරනවා.

“වීරවංශ උන්නැහෙත් ගෙවල් හැදුවා. හදලා දුන්නේ කාටද කියලා රටේ ජනතාව දන්නවා. වරිග සභාවට වගේ තමයි ඒ නිවාස බෙදුවේ. ආණ්ඩුව ගණන් හිලව් ඉහළට දා ගත්තේ ඉඩම් මූල්‍යකරණය හරහා. රටේ ආර්ථික මරමස්ථාන සින්නක්කරයට වික්කා.

මේ දක්වාම මහාචාර්‍ය අභයතිස්ස හාමුදුරුවො වගේ අය කිව්වේ රනිල් වික්‍රමසිංහ, දයා ගමගේ, රවී කරුණානායක කියන්නේ දේශද්‍රෝහීන්, කුමන්ත්‍රණකාරයෝ, MCC පාවා දෙන්නෝ, ඇමරිකන් ගැත්තෝ කියලා. හැබැයි ඒ අය ඊයේ අභයතිස්ස හාමුදුරුවොන්ගේ පිරිත් නූලෙන් භෞතීස්ම උනා. දැන් ඒ අය දේශප්‍රේමීන්, රාජ්‍යයට ආදරය කරන අය. මහින්ද රාජපක්ෂලාගේ දෝලාව කර ගහන්න කවුරුන් හරි ඉදිරිපත් වෙනවා නම්. ඉතිහාසය කුමක් උනත් ඒකා දේශප්‍ර්‍ර්මියෙක්” යැයි ඔහු පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here