Home Hit අඟුලාන පොලිසිය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු 13ක් අත්අඩංගුවට (VIDEO)

අඟුලාන පොලිසිය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු 13ක් අත්අඩංගුවට (VIDEO)

86
0

අඟුලාන පොලිස් ස්ථානය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සහ ගල්මුල් ප්‍රහාර එල්ල කර රජයේ දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

පසුගිය දා, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද (16) ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.

එහිදී පොලිස් ස්ථානය අසළ ට රැස් වු ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කල අතර පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.

පසුව පොලීසියේ ආරක්ෂාව තර කිරීමට මෙන්ම ප්‍රදේශයේ සාමය ස්ථාපිත කිරීමටත් පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවීමට කටයුතු කරනු ලැබීය/

සබැඳි පුවත්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here