Home Hit රේගුවේදී රාජසන්තක වූ වාහන රාජ්‍ය ආයතනවලට

රේගුවේදී රාජසන්තක වූ වාහන රාජ්‍ය ආයතනවලට

141
0

නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන වල භාවිතයට මුදා හැරීමට මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ යුධ හමුදාව ඇතුළු රජයේ ආයතන වල භාවිතය සඳහා එලෙස රාජසන්තක කරන ලද වාහන ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ සඳහා රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකළ යුතු බවයි.

නීති විරෝධිව මෙරටට ගෙන්වා දැනට අධිකරණය හමුවේ නඩු කටයුතු යටතේ පවතින වාහන ඊට ඇතුලත් නොවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here