Home Hit එජාපය පක්ෂ පැහැයටත් හඬා වැටෙන තත්වයකට පත්වෙලා – මද්දුම බණ්ඩාර

එජාපය පක්ෂ පැහැයටත් හඬා වැටෙන තත්වයකට පත්වෙලා – මද්දුම බණ්ඩාර

95
0

පක්ෂයේ පැහැයටත් හඬා වැටෙන තත්ත්වයට එක්සත් ජාතික පක්ෂයේ ඉතිරිව සිටින සුළු පිරිස පත්ව ඇති බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අත්තනෝමතික ලෙස සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂයේ වර්ණය වන කොළ පැහැය ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කරන බවට එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මැතිවරණ කොමිසමට යොමුකළ ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියේ තම පක්ෂයේ කොළ පැහැය සමගි ජනබලවේගය භාවිත කිරීම වළක්වාලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසයි.

එමගින් ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ එලෙස භාවිත කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක වැඩපිළිවෙලට බරපතල අගතියක් සිදුවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here