Home Hit මම කවදාවත් මනාප ගැන කතා කරලා නෑ – ඔප්පු කළොත් මැතිවරණ සටනෙන්...

මම කවදාවත් මනාප ගැන කතා කරලා නෑ – ඔප්පු කළොත් මැතිවරණ සටනෙන් ඉවත් වෙනවා – SB

77
0

ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය මෙවර 2/3 අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත්, එම ජයග්‍රහණය තුල ජාතික ආණ්ඩුවක් ඇති කිරිමට කිසිදු අවශ්‍යයතාවයක් නොවන බවද එස්.බි.දිසානායක මහතා පවසයි.

ඒ, මහතා මේ බව කියා සිටියේ ඊයේ(08) හැටන් ප්‍රදේශයේ එස්.බි.දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුත්කට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් පල කරමිනි.

පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ උගත්, බුද්ධිමත්, ලෝකය ගැන දැනුම් තේරුම් ඇති අය, කියවන අය බව පවසන ඒ මහතා පොඩි ළමයි පැවසුවද පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ අලුත් අය ද පරණ අය ද යන්න තමන්ට නොතේරන බව සඳහන් කළේය.

තවදුරටත් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ සිටි අසමත්ම නායකයා බවත් , සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිවක් නොදන්නා නායකයෙක් බවත් ඒ මහතා පැවසීය.

තමන් කිසි දිනක මනාප ගැන කතා කර නොමැති බවත් මනාප ගැන කතා කර ඇති බවට ඔප්පු කළහොත් මැතිවරණ සටනෙන් ඉවත් වන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ ඉන්න ඕන උගත්, බුද්ධිමත්, කියවන අය .

පාර්ලිමේන්තුවේ ඉන්න ඕන උගත්, බුද්ධිමත්, කියවන අය.

Posted by Newshub.lk on Wednesday, July 8, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here