Home Hit මාස 4කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැවී ගිය මුල් විකට්ටුවේ සතුට සැමරූ...

මාස 4කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැවී ගිය මුල් විකට්ටුවේ සතුට සැමරූ හැටි

159
0

මස 4ක දිගු නිහැඩියාවකට පසුව ඊයේ දිනයේ නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරඟ ආරම්භ කෙරුණා.

ඒ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර තරඟ 3කින් යුත් ටෙස්ට් තරඟාවලිය අරඹමින්.

ඊයේ දිනයේ තරඟයේ කාසිය වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුල්ල ලෙස ඩොම් සිබ්ලි ලකුණු පුවරුවේ කිසිදු ලකුණක් එකතු වීමට පෙර දැවී ගියා.

එහිදී සාමාන්‍යයෙන් විකට්ටුවක් ලබා ගැනීමෙන් අනතුරුව සතුට සමරන ආකාරය වෙනුවට පවතින කොවිඩ් තත්වය හේතුවෙන් ක්‍රීඩකයින් විවිධ ක්‍රම අනුගමනය කරනු දක්නට ලැබුනා.

කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද වී ඇරඹුන තරගය ඊයේ දිනට නවත්වන විට එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් බිඳ වැටී පන්දු වාර 17කුත් පන්දු 4ක් අවසානයේ ලකුණු 35ක් ලබා ගෙන තිබුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here