Home Hit “කුඩ්ඩො සංවිධානය කරන දෙමටගොඩ රැස්වීමට යන්න එපා” හිරුණිකා ජනපතිට කියයි

“කුඩ්ඩො සංවිධානය කරන දෙමටගොඩ රැස්වීමට යන්න එපා” හිරුණිකා ජනපතිට කියයි

252
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මත්කුඩු මර්ධනය සඳහා මෙන්ම පාතාලය මර්ධනය කිරීම සඳහා කටයුතු සිදුකරන බව පවසමින් කුඩු විකුණන පිරිස් විසින් සංවිධානය කරන රැස්වීම වලට සහභාගීවීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

මැතිවරණය සඳහා තමන්ගේ රුව භාවිතා නොකිරීමට පවසමින් ජනාධිපතිවරයාම මැතිවරණ රැස්වීම වලට යන බවද ඒ මහත්මිය අද පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

කුඩු මර්ධනය සඳහා කටයුතු කරන බවට පවසනවා මෙන්ම ක්‍රියාවෙන් ඔප්පු කිරීමට අද හොඳම අවස්ථාව බවත් එම නිසා කුඩු විකුණන පුද්ගලයින් ලෙස ප්‍රසිද්ධ අයවලුන් සංවිධානය කරන රැස්වීම වලට සහභාගී නොවී එය ක්‍රියාවෙන් ඔප්පු කරන ලෙස හිටපු මන්ත්‍රීවරිය මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියාය.

දෙමටගොඩ චමින්දගේ පුතා සංවිධානය කරන රැස්විමට යන්න එපා හිරුණිකා ජනපතිගෙන් ඉල්ලයි

දෙමටගොඩ චමින්දගේ පුතා සංවිධානය කරන රැස්විමට යන්න එපා හිරුණිකා ජනපතිගෙන් ඉල්ලයි.

Posted by Newshub.lk on Thursday, July 9, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here