Home Coronavirus 2020 කන්දකාඩු මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට කොරෝනා බව තහවුරු වේ

කන්දකාඩු මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට කොරෝනා බව තහවුරු වේ

173
0

කන්දකාඩු මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි සිටින රැඳවියන් සහ කාර්‍ය මණ්ඩලයේ 450 කට ආසන්න පිරිසකට අද (09) PCR පරීක්ෂාව සිදු කරනු ලැබූවා.

එහිදී හෙළිව ඇත්තේ ඉන් 56 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවයි.

එමෙන්ම අද උදෑසන මාරවිල ප්‍රදේශයෙන්ද කොරෝනා රෝගයට ගොඳුරු වූ කාන්තාවක් හඳුනාගෙන තිබෙනවා.

ඇයද කන්දකාඩු මධ්‍යස්ථානයෙහි උපදේශිකාවක් වශයෙන් සේවය කරන තැනැත්තියක් බවයි සොයාගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here