Home Business කැරට් 24 රත්‍රං පවුමක් ලක්ෂයක් වෙයි

කැරට් 24 රත්‍රං පවුමක් ලක්ෂයක් වෙයි

224
0

මෙරට රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ රන් මිල දර්ශකයට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් ලක්ෂයක් ලෙසයි.

කැරට් 22 රන් පවුමක මිල රුපියල් 88 000ක් ලෙස සටහන්ව තිබෙනවා.

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1800 ඉක්මවා යාම දේශීය වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාමට හේතුවයි.

රත්‍රං සඳහා මෙවන් වාර්තාගත මිලක් සටහන් වූයේ 2011 වසරෙන් පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉකුත් මාස 14 තුළ ලෝක වෙළඳපොළේ රත්‍රං මිල 40% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තියෙන් ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල වන පසුබිමක දී ආයෝජකයින් රත්‍රං මිලදී ගැනීමට යොමුවීම, එලෙස මිල ඉහළ යාමට හේතු වී ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here