Home Cricket “දාඩිය ගාලා පන්දුව පිරිමදින්න බැහැ” – අනූෂ සමරනායක (VIDEO)

“දාඩිය ගාලා පන්දුව පිරිමදින්න බැහැ” – අනූෂ සමරනායක (VIDEO)

69
0

දහඩිය භාවිතයෙන් පන්දුව පිරිමැදීමට නොහැකි බව හිටපු වේග පන්දු පුහුණුකරුවකු වන අනූෂ සමරනායක මහතා පවසයි.

දහඩිය භාවිතයෙන් පන්දුව පිරිමැදි විට පන්දුවේ පැත්තක් බර වන බවත් එහිදී පන්දුවේ දෝලනය වෙනස් වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා පවසා සිටියි.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීමේ පිළිවෙතක් ලෙස ඛේටය භාවිතයෙන් පන්දුව ඔපදැමීම සිදු නොකරන මෙන් අයිසීසිය විසින් මින් පෙර දැනුම් දී තිබුණා.

මීට ආදේශකයක්ලෙස කෘතිමව නිපදවූ ඔපදැමීමේ ද්‍රව්‍යයක් භාවිතා කිරීමට යෝජනා වී තිබුනත් 2018 වසරේ කේප්ටෞන්හීදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් වැලිකඩදාසි භාවිතයෙන් පන්දුව පළුදු කිරීම වැනි සිද්ධීන් සලකා බලා අයිසීසිය විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අනුව දහඩිය යොදාගෙන පන්දුව ඔපදමන ලෙසයි ඔවුන් උපදෙස් දී ඇත්තේ.

නමුත් ක්‍රිකට් පන්දුව පිරිමැදීමේදී කෙළ වෙනුවට දහඩිය යොදා ගැනීම සාර්ථක නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පවසන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු වන මිකී ආතර් මහතා විසින් මින් පෙර දැනුම් දී තිබුණා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අනූෂ සමරනායක මහතා පවසන්නේ නිතරම පන්දුව අතින් ඇල්ලීමත් කෙළ ගා පන්දුව පිරිමැදීමට සිදු වීමත් නිසා ක්‍රිකට් ක්‍රීඩාව අනෙක් ක්‍රීඩාවන්ට සාපේක්ෂව කොරෝනා වසංගතය හමුවේ පසුබෑමකට ලක්ව ඇති බවයි.

පන්දුව පිරිමැදීම වේග පන්දු යවන්නන් හට මෙන්ම දඟපන්දු යවන්නන් හටත් වැදගත් බවත් දාඩිය ගා පන්දුව පිරිමැදීමේදී පන්දුවේ සමට එය උරාගන්නා බැවින් දෝලනය වෙනස් වන බවත් එම මහතා පෙන්වා දෙනවා.

"දාඩිය ගාලා පන්දුව පිරිමදින්න බැහැ – මේක ක්‍රීඩාවේ ගුණාත්මකභාවයටත් හානියක්" – අනූෂ සමරනායක

"දාඩිය ගාලා පන්දුව පිරිමදින්න බැහැ – මේක ක්‍රීඩාවේ ගුණාත්මකභාවයටත් හානියක්" – ICC නව නීති ගැන ප්‍රවීන වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතා hitwicket.lk වෙත පල කළ අදහස්

Posted by Hit Wicket on Tuesday, July 7, 2020

සබැඳි ලිපි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here