Home Hit මද්‍රසා පාසල් වහන්නෙ නැත්තෙ ඇයි? (VIDEO)

මද්‍රසා පාසල් වහන්නෙ නැත්තෙ ඇයි? (VIDEO)

155
0

මද්‍රසා පාසල් කාති උසාවි සහ බුර්කාව සතියක් ඇතුළත තහනම් කිරීමට කටයුතු නොකළහොත් ඡන්දය පැත්තකට දමා මුස්ලිම් භාණ්ඩ වර්ජනය කිරීමට කටයුතු කරන බව අපේ ජනබල පක්‍ෂයේ සභාපති අතුරලියේ රතන හිමියෝ ඊයේ (07) ප්‍රකාශ කරන ලදි.

සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව සහ රජය මේ සම්බන්ධයෙන් වහා තීරණයක් ගත යුතු බවත් එසේ නොවුණහොත් එම භාණ්ඩ වර්ජනය කිරීම සඳහා සමස්ත රට පෙළගස්වන බවත් උන්වහන්සේ පවසා සිටියි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නොබෝ දිනකින් සංඝ සම්මේලනයක් කැඳවනු ලබන බවද උන්වහන්සේ පවසයි.

පසුගියදා මෙරට ප‍්‍රමුඛ පෙළේ බැංකුවක සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මුස්ලිම් සමාජයේ ප‍්‍රතිචාර ඉතා කනගාටුදායක බවත් ඔවුන් එසේ හැසිරෙන්නේ නම් ඊට නිසි ප‍්‍රතිචාර දැක්වීම සමාජයේ වගකීමක් බවත් රතන හිමියෝ සඳහන් කර සිටියි.

මෙම සියලූ ප‍්‍රශ්න සඳහා වගකිව යුත්තේ සමස්ත ලංකා ජමෙයිතුල්ලා උලමා සභාව බවත් ඔවුන් ගොඩනඟාගෙන තිබෙන අන්තවාදී ඒකාධිකාරය වහා බිඳ දැමීම අනාගත සුබසිද්ධියක් වනු ඇති බවත් උන්වහන්සේ පවසා සිටියි.

තමන්වහන්සේ අවිහිංසාවාදී අවිය ඔසවන්න පෙර ප‍්‍රශ්නයට විසඳුමක් ලබාදීම රජයේ වගකීමක් බව අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

එමෙන්ම ඊයේ පැවති මාධ්‍යය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කරන ලද්දේ වෙනම නමකින් පාසල් තිබීම සිදු නොවිය යුත්තක් නමුත් මද්‍රසා පාසල් ඉවත් කිරීම අධ්‍යයනයකින් පසුව සිදුකළ යුත්තක් බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් එම මහතා පවසන්නේ රටේ අන්තවාදීන් සිටින්නේ ඉතාමත් සුළු පිරිසක් බැවින් සමස්ථ මුස්ලිම් ප්‍රජාවටම දඬුවම් කිරීම සිදු නොකළ යුත්තක් බවත් දේශපාලඥයන් හට තමන්ගේ ඡන්ද පදනම් වලට කතා කරම තීරණ ගැනීමට නොහැකි බවත්ය.

රතන හිමියන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

රතන හිමියන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්

Posted by Live at 8 on Monday, July 6, 2020
මද්‍රසා පාසල් වහන්නෙ නැත්තෙ ඇයි?

මද්‍රසා පාසල් වහන්නෙ නැත්තෙ ඇයි?

Posted by Headline News on Tuesday, July 7, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here