Home Hit “LTTE සංවිධානයේ ළමා සොල්දාදුවන් හිටියේ නැහැ” – කරුණා අම්මාන්

“LTTE සංවිධානයේ ළමා සොල්දාදුවන් හිටියේ නැහැ” – කරුණා අම්මාන්

213
0

කිසි දිනෙක කොටි සංවිධානය විසින් කුඩා දරුවන් සොල්දාදුවන් ලෙස භාවිත නොකළ බව එම සංවිධානයේ සන්නද්ධ නායකයෙකු සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා සඳහන් කරයි.

වයස අවුරුදු 18ට අඩු කිසිවකුත් එල්ටීටීඊ සංවිධානයට බඳවා ගැනීම නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් තහනම් කර තිබූ බවද ඔහු පවසයි.

ළමා සොල්දාදුවන් යැයි කියමින් ‍ප‍්‍රසිද්ධ වී ඇති පින්තූර තුළ සිටින්නේ සැබෑ ළමා සොල්දාදුවන් නොවන බවද පැවසූ ඔහු ඒවා තම සංවිධානය විසින් භාවිතා කරන ලද්දේ ප්‍රචාරණ කටයුතු සඳහා බව ද එහි සිටින්නේ යොදා ගත් ළමා නළුවන් බවද කියා සිටින ලදි.

ඔහු මේ බව කියා සිටියේ පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

නමුත් මින් පෙර අවස්ථාවකදී හිටපු යුධ හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසන ලද්දේ කරුණා අම්මාන් සමඟ හමුදාවට භාර වූ සාමාජිකයන් 150 දෙනාගෙන් 80 දෙනෙක් වයස අවුරුදු 13ට අඩු ළමයින් බවයි.

සබැඳි පුවත්..

Photo by Gemunu Amarasinghe/AP/Shutterstock (7135796a) TAMIL WOMEN SOLDIERS Women members of Liberation Tigers of Tamil Eelam, (LTTE) take part in the rebels’ women’s resurgence day in rebel-held town of Kilinochchi in northern Sri Lanka, Friday, Oct.10, 2003. The day marked the anniversary of the death of Malathi, the first woman to die in battle 16 years ago with Indian peacekeeping troops in the northern town of Jaffna. About 65,000 people were killed since 1983 during the conflict between Tamils and Singhalese, before the two sides signed a Norway-brokered cease-fire in February last year SRI LANKA CIVIL WAR, KILINOCHCHI, Sri Lanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here