Home Hit පාර්ලිමේන්තුවේ හොදම පැමිණීමට හිමි රන් සම්මානය ලසන්තට

පාර්ලිමේන්තුවේ හොදම පැමිණීමට හිමි රන් සම්මානය ලසන්තට

305
0

අටවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පැමිණීම සම්බන්ධයෙන් manthri.lk වෙබ් අඩවිය විසින් සිදුකල සමීක්ෂණයකට අනුව වැඩිම පාර්ලිමේන්තු වාර ගණනක් සදහා සහභාගී වූ මන්ත්‍රීවරුන් දස දෙනා අතරට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා තේරී පත්ව තිබේ. ඒ සදහා වන රන් සම්මානයද ලසන්ත අලගියවන්න මහතා වෙත පිරිණමා තිබේ.

ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්ද පසුගිය පාර්ලිමේන්තුවේ විශේෂ කාර්‍යභාරයක් ඉටුකරන ලදි. පාර්ලිමේන්තු සැසිවාරයන් සදහා සහභාගීත්වය අතින් ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා වන්නේද ලසන්ත අලගියවන්න මහතායි.

ඔහු මෙවර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here