Home Hit කිලිනොච්චියේ පිපිරීමෙන් තුවාල ලැබූ හිටපු කොටි සාමාජිකයා ජීවිතක්ෂයට

කිලිනොච්චියේ පිපිරීමෙන් තුවාල ලැබූ හිටපු කොටි සාමාජිකයා ජීවිතක්ෂයට

82
0

කිළිනොච්චිය, පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී බෝම්බයක් සවි කිරීමට ගොස් එය පුපුරා යාමෙන් බරපතල ලෙස තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයා අද (08) උදෑසන අනුරාධපුර රෝහලේදී මිය ගොස් තිබෙනවා.

මෙම පුද්ගලයා තුවාල ලැබීමෙන් පසුව මුලින්ම කිළිනොච්චිය රෝහලට ඇතුළත් කල අතර ඉන් පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර රෝහල වෙත ඇතුලත් කරනු ලැබුවා.

වයස අවුරුදු 44 ක් වූ එම පුද්ගලයා එල්.ටී.ටී.ඊ.බුද්ධි අංශයේ කටයුතු කොට පසුව යුද හමුදාවට බාර වීමෙන් අනතුරුව රජයේ පුනරුත්ථාපන ක්‍රියාවලිය යටතේ පුනරුත්ථාපනය වූ අයෙක් ද වනවා.

නිවසේදී බෝම්බය පිපිරීමෙන් පසුව පොලීසිය කළ් සොයා බැලීමකදී නිවසේ තිබූ තවත් බෝම්බ තුනක් හා පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද බෝම්බ පිපිරවීම සදහා යොදා ගන්නා බැටරි ඇතුලු උපකරණද සොයා ගැනීමට පොලීසියට හැකි විය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බිරිද සහ තවත් අයෙකු පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දිනසේන රතුගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here