Home Hit ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට බීබීසී ලෝක සේවයේ සහය

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීමට බීබීසී ලෝක සේවයේ සහය

87
0

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදු වූ බලපෑම අතිමහත් ය. නමුත් ශ්‍රී ලංකාව සංචාරක ක්ෂේත්‍රය පුනර්ජීවනය කිරීම උදෙසා සමාජ හා ඩිජිටල් මාධ්‍ය හරහා ප්‍රවර්ධන කටයුතු සිදු කරමින් නව වෙළඳපලවල් වෙත යොමු වෙමින් සිටියි.

මෙවන් තත්වයක් තුල, බ්‍රිතාන්‍යයේ බීබීසී ලෝක සේවය විසින් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය නගා සිටුවීම උදෙසා නොමිලේ පුළුල් ප්‍රචාරණ ව්‍යාපාරයක් ලබාදීමට එකඟ වූ බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මෙරට ස්ථාන 375ක් තත්පර 30ක් තුල පෙන්වන වීඩියෝවක් මාසයක් පුරාවට දකුණු ආසියාතික, ආසියා-පැසිෆිෆ්, බටහිර ආසියාතික, උතුරු ඇමරිකානු සහ යුරෝපානු රට වල දැන්වීමක් වශයෙන් පළ කිරීමට බීබිසිය විසින් කටයුතු යොදා ඇති අතර මෙය ජූනි මාසයේදී ආරම්භ වන ලදි.

කොරෝනා වසංගතයෙන් පසු කාලය තුල සංචාරයේ නිරත වීමේදී වඩාත් සෞඛ්‍යාරක්ෂිත සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින සුරක්ෂිත රටක් ලෙස සංචාරකයින්ට“ ආරක්ෂිත සහ සුරක්ෂිත ”අත්දැකීමක් ලබා බැනීමට මෙරටට පැමිණීමට ආරාධනා කිරීම මෙමගින් සිදුවන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්‍යංශයයේ නිවේදනයෙන් වැඩිදුරටත් කියවේ.

“අපගේ පාරාදීසක් බඳු වූ දූපත යළිත් වරක් ඉහළ සංචාරකයන් ආකර්ෂණය වන සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා සියල්ල සුදානම් වී ඇති අතර සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව අප සහතික වන්නෙමු” යැයි එම නිවේදනයේ තවදුරටත් කියවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here