Home Hit වැලිකඩ කොරෝනා රැඳවියා සිටි වාට්ටුවෙන් 100ක් ඇප පිට නිදහස් වී ගෙදර ගිහිල්ලා

වැලිකඩ කොරෝනා රැඳවියා සිටි වාට්ටුවෙන් 100ක් ඇප පිට නිදහස් වී ගෙදර ගිහිල්ලා

228
0

කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියා වැලිකඩ බන්ධනාගාරයේ ‘I වාට්ටුවේ’ රැඳවු දින සිට ඊයේ (07) දින දක්වා ඔහු සමග සිටි රැඳවියන් පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තොරතුරු රැස් කරමින් සිටිනවා.

එම දිනයේ සිට මේ දක්වා රැඳවූවන් 100 දෙනෙකුට පමණ නිදහස හිමි වී ඔවුන් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවට ‘මවුරට’ වාර්තා කර සිටිනවා.

තවත් රැඳවූවන් 8 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබෙනවා. ඉන් දෙදෙනෙක් කළුතර බන්ධනාගාරයට මාරු කර තිබෙනවා. මොණරාගල බන්ධනාගාරයට මාරු කළ පිරිස 03 දෙනෙකු වන අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් තිදෙනා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here