Home Hit “මේ බුදුන්ගේ දේශය නෙවෙයි. ස්විට්සර්ලන්තයට නම් කියන්න පුලුවන්” – සුනිල් පෙරේරා

“මේ බුදුන්ගේ දේශය නෙවෙයි. ස්විට්සර්ලන්තයට නම් කියන්න පුලුවන්” – සුනිල් පෙරේරා

347
0

මෙ රට විනාශ කළේ අධාර්මිෂ්ට පාලකයන් සහ දුර්දාන්ත භික්ෂූන් බව ජනප්‍රිය ගායන ශිල්පි සුනිල් පෙරේරා මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඇතැම් භික්ෂූන් කතා කරන්නේ ඉතාමත් වෛරී සහගතව බවත් මඩකලපුව ප්‍රදේශයේ එක්තරා භික්ෂුවක් නිතරම පරුෂ වචනයෙන් කතා කරන බවත්‍ය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක සමයේ ක්‍රියාත්මක වූ “සිංහල පමණක්” ප්‍රතිපත්තිය මෙරට යුද්ධයක් ඇති වීම කෙරෙහිද බලපාන ලද බව ඒ මහතා පවසයි.

දේශපාලඥයන් නිතරම නුවර, අස්ගිරියට යන බවත් එසේ ගිය විට මාධ්‍යය “ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගනී” ලෙස පුවත් පළ කරන බව පෙන්වා දෙන එතුමා දකුණේ එක්තරා භික්ෂුවක් ” ඒ ඇමති තුමා නිවන් දකින්න ඒ ඇති” ලෙස ප්‍රකාශ කළ බවයි.

බුදුන්ගේ දේශය ලෙස හැඳින්වීමට වඩා සුදුසු මෙරට නොව ස්විට්සර්ලන්තය බව පවසන ඔහු උදේ හවස පිරිත් කීමෙන් පිනක් නොලැබෙන බව කියා සිටියි.

බුදුන් වහන්සේ ජ්‍යෝතිශය පිළි නොගන්නා බවත් ජීවිතයේ සියළුව කටයුතු සුභ වේලාවන්ට සිදු කළත් ඇතැමුන්ට රැකියාවක් නොමැති වීමට හේතුව මන්දැයි විමසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here