Home Hit කටුනායක ගුවන් තොටුපළෙන් duty free භාණ්ඩ මිලදී ගැනීම

කටුනායක ගුවන් තොටුපළෙන් duty free භාණ්ඩ මිලදී ගැනීම

120
0

2020 මාර්තු මස 09 දින සිට මැයි මස 31 දින දක්වා කාළය තුළ , ගෝලීය වසංගත රෝග තත්වය හේතුවෙන් , ශ්‍රී ලංකාවට පැමිණි විගස නීරෝධායන ක්‍රියාවලියට යොමු වීමට සිදු වූ ගුවන් මගීන් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් , තීරු බදු රහිත මිලට භාණ්ඩ මිලදී ගැනීමේ පහසුකම් සළසා ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා නිවේදනය කර සිටියි.

මෙසේ භාණ්ඩ මිලදී ගැනීම සදහා 2020 ජූලි මස 06 දින සිට දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණිය හැකිය.

මේ සදහා වැඩිදුර විස්තර විමසීම සදහා 0112263017 දුරකථන අංකයට ඇමතීමෙන් හෝ www.airport.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට දැන ගත හැකි බවද සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කර සිටියි.

(කටුනායක – ටී.කේ.ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here