Home Hit පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් ජනරැලි මාලාව ඇරඹෙයි

පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් ජනරැලි මාලාව ඇරඹෙයි

97
0

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (5) පෙරවරුවේ දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි විය.

මෙය සංවිධාන කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක රොෂාන් රණසිංහ මහතායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් මට්ටමින් සහභාගි වන ජනහමු මාලාව අද පැවැත්වෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින්‍ ය.

ඒ අනුව පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් කණ්ඩායම් නායක රොෂාන් රණසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දිඹුලාගල සිරිපුර ප්‍රදේශයේ පැවැති ජනහමුවට ජනාධිපතිවරයා අද පෙරවරුවේ එක්විය.

එහිදී ජනාධිපතිවරයා ජනතාව සමඟ සුහද පිළිසඳරකද නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here