Home Hit ලිපින මැකුණු තැපැල් භාණ්ඩ වල නවතම තත්ත්වය

ලිපින මැකුණු තැපැල් භාණ්ඩ වල නවතම තත්ත්වය

111
0

මුහුුදු මාර්ගය ඔස්සේ ගෙන්වීමේදී ලිපින මැකී ගිය විදේශීය තැපැල් භාණ්ඩ පැකට්ටු හාරදහසක් පමණ තවමත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සිර වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස ලිපින මැකී ගොස් තිබූ තැපැල් භාණ්ඩ ඇතුළත් පැකට්ටු විශාල ප‍්‍රමාණයක් මේ වනවිට, ඒවා ගෙන්වූ පාර්ශ්ව වෙත ලබා දී ඇති බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටින්නේ.

අදාළ භාණ්ඩ මෙරටට යොමු කළ මැලේසියානු තැපැල් දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සෙසු භාණ්ඩ, ඒවා ගෙන්වූ පාර්ශ්ව වෙත භාර දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසනවා.

මුහුදු මාර්ගය ඔස්සේ තැපැල් භාණ්ඩ ගෙන්වීමේදී නැවත මෙවැනි ගැටලූවක් ඇති නොවීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස අදාළ අංශ දැනුවත් කර ඇති බව ද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here