Home Hit “දයාසිරි, උඹට වඩා එක මනාපයක් හරි මම ගම්පහෙන් ගන්නවා” – ප්‍රසන්න

“දයාසිරි, උඹට වඩා එක මනාපයක් හරි මම ගම්පහෙන් ගන්නවා” – ප්‍රසන්න

215
0

පොහොට්ටුව ලකුණෙන් මැතිවරණයට තරඟ වදින සියලු දෙනා පොහොට්ටුවේ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අත්තනගල්ල ප්‍රදේශයේදී ඊයේ (04) පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා මෙසේ පවසන ලදි.

පොහොට්ටු ඡන්ද දායකයන් තම ඡන්දය පළ කළ යුත්තේ මහින්ද රාජපක්ෂ මහතා අතහැර නොගිය සහ ජනපති ගෝයාභය මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අගයන අයට පමණක් බව ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“කුරුණෑගල සිරී කෙනෙක් කියනවා ගම්පහ පැත්තේ බඩ කඳ තියෙන මොළය නැති කෙනෙක් පක්ෂය බෙදන්න යනවා කියලා. එදා සිරා සිරා කියලා සිරිසේනට බැනලා මහින්ද මහත්තා පැරදුනාම ගිහින් සිරිසේන ළඟ දණ ගහපු මිනිහෙක් තමයි ඔය සිරා.

මං කිව්වේ මෛත්‍රීට ගෑවිච්ච එකෙක්ට ඡන්දය දෙන්න එපා කියලා. ඒක මං එදත් කියනවා අදත් කියනවා මං හෙටත් කියනවා. මම දයාසිරිට කියනවා, උඹට වඩා එක ඡන්දයක් හරි මං ගම්පහෙන් ගන්නවා කියලා” යැයි වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here