Home Hit මැකීයන ලිහිණියගල ඓතිහාසික ලෙන් සිතුවම් (VIDEO)

මැකීයන ලිහිණියගල ඓතිහාසික ලෙන් සිතුවම් (VIDEO)

73
0

ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට අයත් බවට සැලකෙන ලිහිණියගල විහාරයේ පැරණි පිය ගෑට පෙළක්, සංඝාවාසයක් සහ මහ නුවර යුගයට අයත් විහාර මන්දිරයක්ද දක්නට ලැබෙනවා.

මෙම විහාර පරිශ්‍රයට ඓතිහාසික වටිනාකමක් ඇති බවත් ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා අඥින ලද ලෙන් චිත්‍ර දක්නට ලැබෙන බව ලිහිණියගල විහාරාධිපති ස්වාමීන්වහන්සේ පවසා සිටිනවා.

මෙහි ඇති ලෙන් තුනෙන් එක් ලෙනක ආදිවාසි සිතුවම් 13ක් දක්නට ලැබෙන අතර මධ්‍යම පළාතේදී ආදිවාසි හමුවන එකම ස්ථානය මෙම විහාරස්ථානය වේ.

පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව මෙම විහාරස්ථානය ආරක්ෂක ස්මාරකයක් ලෙස නම් කර ඇතත් නිසි සංරක්ෂණයක් නොමැති නිසා සිතුවම් මැකීයාමේ අවධානමකට මුහුණ දී ඇත.

මැකීයන ලිහිණියගල ලෙන් සිතුවම්

මැකීයන ලිහිණියගල ලෙන් සිතුවම්#lka #News1st #Lihiniyagala #lihiniyagalatemple #Antiquities #ULM

Posted by Newsfirst.lk on Saturday, July 4, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here