Home Hit CSN යළි පටන් ගැනීමට පරීක්‍ෂණ විකාශය ඇරඹේ

CSN යළි පටන් ගැනීමට පරීක්‍ෂණ විකාශය ඇරඹේ

210
0

CSN නාලිකාවේ පරීක්ෂණ විකාශනයක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් තිබේ.

පිදුරුතලාගල විකාශනාගාරයේ සිට මෙහි පරීක්ෂණ විකාශය සිදු කෙරෙයි.

එම නාලිකාව වසර කිහිපයක් තිස්සේ විකාශණ කටයුතු අත්හිටුවා තිබූ අතර යලි ආරම්භ කිරීමට මෑතකදී අධිකරණය විසින් අවසර ලබා දී ඇත.

මීට පෙර කාල්ටන් ස්පොර්ට්ස් නෙට්වර්ක් (csn)රූපවාහිනි නාලිකාව සඳහා ලබා දී තිබූ විකාශන බලපත්‍රය 2016 වසරේ දී එවකට පැවති ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අහෝසි කිරීමට එරෙහිව එම නාලිකාව ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණයේදී සමථයකට පත් විය.

එම නාලිකාවට ලබා දී තිබූ විකාශන බලපත්‍රය අවලංගු කරමින් 2016 වසරේ දී එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කරන කළ ලිපිය ඉල්ලා අස්කර ගැනීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය අභියාචනාධිකරණයේ දී එකග වීම මත මෙම සමථය ඇති විය.

2016.10.23 වැනි දින වන විට එම නාලිකාව ලබා දී තිබූ සංඛ්‍යාත ඒ අයුරින්ම ලබා දීමට කඩිනමින් පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද එකඟතාවය පළ කරන ලදි.

එම රිට් පෙත්සම මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම සමථය ඇති විය.කිසිදු සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීම නීතිවිරෝධී බව කියමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here