Home Hit ‘බත්තරමුල්ලේ බන්ටි’ රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

‘බත්තරමුල්ලේ බන්ටි’ රඳවාගෙන් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

98
0

අත්අඩංගුවට ගැනුණු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයා ලෙස සැලකෙන ‘බත්තරමුල්ලේ බන්ටි’ ලබන 11 වනදා දක්වා රඳවාගෙන් ප්‍රශ්න කිරීමට කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙනවා.

අදාල සැකකරු තලංගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (05) අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සිටි නිවසේ තිබී හෙරොයින් මත්කුඩු සහ මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

‘බත්තරමුල්ලේ බන්ටි’ බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවකට හෙරොයින් බෙදා හැරීමේ නිරත වූ ප්‍රධාන ජාවාරම්කරු බවයි පොලීසිය පවසන්නේ.

සබැඳි ලිපි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here