Home Hit ‘අංගොඩ ලොක්කාගේ’ සමීපතමයෙකු වන ‘බත්තරමුල්ලේ බන්ටි’ අත්අඩංගුවට

‘අංගොඩ ලොක්කාගේ’ සමීපතමයෙකු වන ‘බත්තරමුල්ලේ බන්ටි’ අත්අඩංගුවට

133
0

පාතාල සාමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු ලෙසට සැලකෙන තුරංග පුෂ්පකුමාර මෙන්ඩිස් හෙවත් බත්තරමුල්ලේ බන්ටි නැමති සැකකරු තලංගම ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදීයි.

පාතාල නායක සමයං ඇතුළු පාතාලයේ පස්දෙනකුට හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් කළුතර එතනමඩල දී ඉකුත් පෙබරවාරි 27 දා බන්ධනාගාර බස් රථ දෙකකට ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන වෙඩික්කරුවකු වන්නේද ඔහුයි.

එම සිද්ධිය වෙනුවෙන් 2017 වසරේ මාර්තු මස 21 වනදා 27 හැවිරිදි මෙම පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙන ලදි.

” අංගොඩ ලොක්කා එක්ක මමයි, තව දෙන්නෙකුයි සමයං සිටි බස් එකට නැගලා වෙපන් හතරකින් වෙඩි තිබ්බා. සමයංගේ බෙල්ල කපාගෙන ඇවිත් අතුරුගිරියේ කනත්තේ තියන්න ගෙනාපු මන්නය මගහැරුණ නිසා සමයංගේ මූණට වෙඩි තියලා ෆුට් බෝඩ් එකට ඇදලා දාලා අපි වෑන් එකේ නැගලා ගියා” යැයි අදාල සිද්ධියට අදාලව ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මගින් කළුතර වෙඩිතැබිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් බත්තරමුල්‍ලේ බන්ටී පා‍පොච්චාරණය කර ඇත.

එම ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්කා, අතුරුගිරියේ ලඩියා, බත්තරමුල්‍ලේ බන්ටි ඇතුළු දස දෙනකු සහභාගි වී ඇති අතර ප්‍රහාරය සඳහා ටී-56 අවි 04ක් හා පිස්තෝලයක් යොදාගෙන ඇත.

2019 වසරේදී බන්ටිව ඇප මත නිදහස් කරන ලදි. එහිදී නිදහස් වූ බන්ටි ඝාතනය කිරීම සදහා බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ නිවසක රැදී සිටි මාලඹේ සුද්දා නමැති පාතාල සාමාජිකයේකු පිස්තෝලයක්ද සමග පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය මගින් 2019 අගෝස්තු මස 05 දා අත්අඩංගුවට ගන්නා ලදි.

අද (05) ඔහුව නැවතත් අත් අඩංගුවට පත්ව ඇත්තේ මත්කුඩු ග්‍රෑම් 7 ක්, මෝටර් රථයක් සමග රුපියල් 50,000ක් සමඟයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here