Home Hit බහරේන් සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත

බහරේන් සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත

86
0

මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් යානයෙන් පැමිණි වැඩි පිරිසක් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු වාර්තා වේ .

බහරේන් රාජ්‍යයේ මනමා ( Manama ) ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 202 දරන විශේෂ ගුවන් යානය අද දින අලුයම 6.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඊට අමතරව ඊයේ දින රාත්‍රී 11.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා සිට අද අලුයම 1.45 ට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 668 දරන ගුවන් යානයෙන් ද තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සියලු ශ්‍රී ලාංකික මගීන් ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here