Home Hit “මොකද මචං, මැච් එක විකුණලාද ආවේ?”

“මොකද මචං, මැච් එක විකුණලාද ආවේ?”

316
0

2011 දී ඉන්දියාවේ පැවති ඉන්දීය ශ්‍රී ලංකා අවසන් මහා තරඟය නැරඹීමට එහි ගිය එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ නාමල් රාජපක්ෂ හා උදිත ලොකුබණ්ඩාර යන මහත්වරුන් තරගයට පෙර දින නේපාලයේ ගත කිරීම සැක සහිත කටයුත්තක් බව එවකට පැවති රජයේ අධ්‍යාපන සේවා ඇමතිවරයා වූ විජිත් විජයමුණි ද සොයිසා මහතා අනාවරණය කරයි.

තරඟය අවසන් වී ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ “මොකද මචං, මැච් එක විකුණලාද ආවේ?” යැයී තමන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රශ්න කළ බවද ඔහු ප්‍රකාශ කරයි.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා “අනේ නැහැ අයියේ” යනුවෙන් ඊට පිළිතුරු දෙමින් තමා මඟ හැර ගිය බවද ඊයේ පවතී හමුවකදී මෙවර සමගි ජන බලවේගයෙන් මැතිවරණයට තරඟ වදින විජිත් විජයමුණි ද සොයිසා මහතා ඊයේ පැවසීය.

“උබ මචං මැච් එක විකුණලද ආවේ”

Posted by Newshub.lk on Friday, July 3, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here