Home Hit ආණ්ඩුව ක්‍රිකට් චෝදනා ගේන සැබෑ හේතුව රුවන් හෙළිකරයි

ආණ්ඩුව ක්‍රිකට් චෝදනා ගේන සැබෑ හේතුව රුවන් හෙළිකරයි

119
0

රටේ දැනට උද්ගතව ඇති දැවැන්ත ආර්ථික ප්‍රශ්නය වෙනතකට ගෙන යාමේ පරමාර්ථය ඇතිව සිතාගත නොහැකි ප්‍රකාශ වත්මන් රජයේ අමාත්‍යවරුන් පවසන බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

මැතිවරණයක් පැවැත්වෙන සමයක ජනතාවගේ මනස වෙනත් පැත්තකට යොමුකරමින් රටේ ආර්ථික ප්‍රශ්න වසා ගැනීමට මෙවැනි සිතාගත නොහැකි ප්‍රකාශ කරමින් උත්සහයක් කරන්නේ දැයි ඒ මහතා මෙහිදී රජයෙන් ප්‍රශ්න කරයි

2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවාදුන් බවට කල ප්‍රකාශය නිසා ලෝක පුජිත රටට කීර්තියක් ගෙනා ක්‍රීඩකයින් අපහසුතාවයට පත් වූ බව ඒ මහතා සඳහන් කරයි.

පසුගිය සමයේ හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදි කිරීමට යාමේදී මහේල ජයවර්ධන මහතා, කුමාර සංගක්කාර මහතා ඒ සම්බන්ධයෙන් විරුද්ධ මත දැරීමේ හේතුවෙන් මෙවැනි දෑ කරන්නේද යන්න පිලිබඳ සක පහල වන බව රුවන් විජේවර්ධන මහතා පැවසිය.

රට ලෝකය ඉදිරියේ අභිමානයට පත්කළ ක්‍රීඩකයින් මෙලෙස අපහසුතාවයට පත්කිරීම පිළිකුල් සහගත බව ඒ මහතා සඳහන් කළේය.

රටේ ආර්ථික අර්බුදය වහන්නද ක්‍රිකට්ි චෝදනා ගෙන්නෙ#RW

Posted by Newshub.lk on Friday, July 3, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here