Home Hit ජනපති මිහින්තලේ ඵෙතිහාසික මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගනී (PHOTOS)

ජනපති මිහින්තලේ ඵෙතිහාසික මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගනී (PHOTOS)

77
0

ඇසළ පොහෝ දින දී තිබුන අද දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර, මිහින්තලේ ඵෙතිහාසික මිහිදු ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගත්තේය.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පෙරවරුවේ මිහිදු ආරණ්‍ය සේනාසනය වෙත ගිය ජනාධිපතිතුමා, සේනාසනාධිපති සියම් මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය ගල්පාත සුමන හිමියන් බැහැදැක කෙටි පිළිසඳරක නිරත වූ බවය.

ජනාධිපතිතුමාට සහ සිල් සමාදන්ව සිටි උවැසි – උවැසියන්ට සෙත් පතා ජය පිරිත් සජ්ජායනාවක් ද එහිදී සිදු කෙරිණි.

ක්‍රි. ව. 05 – 06 සියවස්වලට අයත් මිහිදු ආරණය සේනාසනය සියම් මහා නිකායේ ශ්‍රි රෝහණ පාර්ශ්වයේ වනවාසී සංඝ සභාවේ මූලස්ථානය වේ.

Image may contain: 2 people, people sitting and people standing
Image may contain: 7 people, people standing and outdoor
Image may contain: 2 people, people sitting and indoor
Image may contain: 5 people, wedding and outdoor
Image may contain: one or more people
Image may contain: one or more people, people standing, tree and outdoor

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here