Home Coronavirus 2020 ජින්තුපිටියේ නිරෝධායනයට යොමු කල 154න් පුද්ගලයින් 50කගේ PCR වාර්තාව...

ජින්තුපිටියේ නිරෝධායනයට යොමු කල 154න් පුද්ගලයින් 50කගේ PCR වාර්තාව එයි

217
0

කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයෙන් Covid-19 ආසාදිතයෙකු හමුවීමත් සමග නිරෝධායනයට යොමු කල පුද්ගලයින් 50 දෙනෙකුගේ PCR පරික්ෂණවලින් ඔවුන්ට Covid-19 ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර මෙරටින් වාර්තා වූ වෛරසය ආසාදනය වූවන් 1885 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 174 දෙනෙකු පමණයි.

කොටහේන ජින්තුපිටිය ප්‍රෙද්ශයෙන් Covid-19 ආසාදිතයෙකු හදුනාගැනීමත් සමග කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කල 154 දෙනාගෙන් 50 දෙනෙකුගේ PCR පරික්ෂණ සිදු කර තිබෙනවා.

එම පිරිසට Covid-19 ආසාදනය වී නොමැති බවට පරික්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇතත් ඔවුන් සති දෙකක කාලයක් තවදුරටත් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, පසුගිය මැයි 23 වැනි දින මඩකලපුව රෝහලේ සිට ඉතා අසාද්‍ය තත්ත්වයෙන් කොලඹ IDH රෝහලට මාරු කර එවූ Covid-19 ආසාදිත වසය අවුරුදු 62ක කාන්තාවක් පූර්ණ සුවය ලබා එම රෝහලෙන් ගොස් තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here