Home Hit මෙරට ආණ්ඩු පිහිටුවන්නේ ඉන්දියානු තානාපති කාර්යාලයයි, අමෙරිකානු තානාපති කාර්යාලයයි – AKD

මෙරට ආණ්ඩු පිහිටුවන්නේ ඉන්දියානු තානාපති කාර්යාලයයි, අමෙරිකානු තානාපති කාර්යාලයයි – AKD

127
0

මෙරට බිහිවූ බොහෝ ආණ්ඩු නිර්මාණය කරන්නේ ජනතාව විසින් නොව තානාපති කාර්යාල මඟින් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයේ ඊයේ (3) පැවති ජනහමුවක් අමතමින්.

ඒ මහතා පවසන්නේ මෙරට නායකයින් බිහි කිරීමට, ආණ්ඩු පිහිටුවීමට ඉන්දියානු තානාපති කාර්යාලය, අමෙරිකානු තානාපති කාර්යාලය මැදිහත් වන බවය.

පසුගිය ජනාධිපතිවරණයේදී සාකච්ඡා වූ ප්‍රධානම කරුණු දෙක වූ පාස්කු දින ප්‍රහාරය සහ MCC ගිවිසුම බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරේ පිරිස MCC ගිවිසුම පරාජය කිරීමට එම පිලට ඡන්දය ලබා දෙන ලෙස පැවසුව ද බලයට ආ පසුවත් ගිවිසුම අහෝසි කිරීමට කටයුතු කර නැති බව ඒ මහතා පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here