Home Hit මහින්දගේ අක්කගේ පුතෙක් මාතරට ගෙනෙල්ලා ඩලස්ට මල පැනලා ඉන්නේ – සුජීව සේනසිංහ

මහින්දගේ අක්කගේ පුතෙක් මාතරට ගෙනෙල්ලා ඩලස්ට මල පැනලා ඉන්නේ – සුජීව සේනසිංහ

152
0

වත්මන් රජයේ නොහැකියාව තුළ පිඩාවට පත්ව ඇති ජනතාව මේ වනවිට සිරිසේන හිටියානම් හොදයි කියන තත්වයකට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසයි.

සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ ඊයේ(03) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සහන ලබා දීමට නැවෙන් මුදල් ගේනකන් ඉන්න වෙනවා, තාච්චියේ දාලා ඡන්ද පත්‍රිකා රත් කිරීම, මාර්තු අප්‍රේල් සඳහා විදුලි බිල අය නොකිරීම වැනි ප්‍රකාශයන් වත්මන් රජය නියෝජනය කරන පිරිස් විසින් පැවසීම මඟින් ජනතාවට වත්මන් රජය එපා වෙමින් ඇති බවද ඒ මහතා පැවසීය.

සහෝදරයන් දෙදෙනා සහයෝගයෙන් පාලනය කරන බව සිතා සිටියද මේ වන විට එහි ගැටළු රාශියක් ඇති වී ඇති බව එළිපිටම පෙනෙන්නට ඇති බව ඔහු පවසයි.

රාජපක්ෂවරුන්ගේ පවුලට සම්බන්ධ 15 දෙනෙකු පමණ සංඛ්‍යාවක් පෙර සමයේ සිටියද මෙවර මැතිවරණයට රාජපක්ෂවරුන්ට සම්බන්ධ 30කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇති බවත් දේශපාලනයෙන්ම මුළු පවුලම පරම්පරා ගණනකට ගොඩ යාමට හැකිවන පරිදි හම්බ කර තව තවත් පවුලට සම්බන්ධ අය මැතිවරණයට ඉදිරිපත් කර ඇති බව ඔහු පවසයි.

මෙවර මාතර දිස්ත්‍රික්කයට රාජපක්ෂ පවුලට සම්බන්ධ සහෝදරියකුගේ පුතෙකු ඉදිරිපත්ව සිටින බැවින් පොහොට්ටුවේ කර්යලයම මාතර දිස්ත්‍රික්කයේ ඔහු වෙනුවෙන් වැඩ කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා ඒ සම්බන්ධයෙන් දැඩි කෝපයෙන් පසුවන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

ඒ මහතා පළකළ අදහස් පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here