Home Hit හොරෙන් ගෙනා දුම්වැටි 14,000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

හොරෙන් ගෙනා දුම්වැටි 14,000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

55
0

ගල්කිස්ස පොලිස් වසමේ වෙරළ පාර, ගල්කිස්ස ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වයස අවුරුදු 55ක් වු එම කාන්තාව නවාතැන්ගෙන සිටි ස්ථානයේ නිදන කාමරයේ තිබී මෙම සිගරට් තොගය සොයාගෙන ඇත.

සැකකාරිය අද (4) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here