Home Hit එක පුද්ගලයකුව ගෙනල්ලා දවස් දෙකකින් ලිපිගොනුවක් වහන්න පුලුවන්ද? මහින්දානන්ද විමසයි

එක පුද්ගලයකුව ගෙනල්ලා දවස් දෙකකින් ලිපිගොනුවක් වහන්න පුලුවන්ද? මහින්දානන්ද විමසයි

129
0

2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති අවසන් මහා තරඟයේදී පාවාදීමක් සිදුව ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ප්‍රකාශයත් සමඟ ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි පිළිබඳ විමර්ශන ඒකකය ආරම්භ කළ විමර්ශන කටයුතු ඊයේ නතර කෙරුණා.

ඒ, එවකට ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා, හිටපු නායක කුමාර් සංගක්කාර, ක්‍රීඩක උපුල් තරංගගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.

තවත් හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධනගෙන් ද ඊයේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා සැලසුම් කර තිබුණ ද පසුව එය අවලංගු කෙරුණා.

එහෙත් සමහර මාධ්‍ය ආයතන පෞද්ගලික හේතුවක් මුල්කරගනිමින් මහේල ජයවර්ධනට ඊයේ එම ඒකකයට පැමිණීමට නොහැකි බව වාර්තා කර තිබීම හේතුවෙන් ඊයේ ක්‍රීඩා වැරදි විමර්ශන කමිටුව වෙත පැමිණ ඔහු පවසා සිටියේ ඔහුගේ පෞද්ගලික හේතුවක් නිසා නොව එම ඒකකයෙන් ඔහුව කැඳවා තිබු බවත් නැවත වෙනත් දිනයක් ලබා දෙන බව පැවසු බවතය.

එබැවින් ඔහු නොකරන නිවේදන මාධ්‍ය මඟින් ප්‍රචාරය නොකරන ලෙස ඉල්ලමින් මහේල ජයවරධන මහතා ආපසු ගියේ ඊයේ දිනයේ ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගැනීම හේතුවෙන්

පසුව විමර්ශන ඒකකය ප්‍රකාශ කළේ ලැබී ඇති සාක්ෂි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ කල චෝදනාවන් ඔප්පු කිරීමට ප්‍රමාණවත් නොමැති බැවින් 2011 ලෝක කුසලාන අවසන් තරඟය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තවදුරටත් ක්‍රීඩකයන් කැදවීමට අවශ්‍ය නොවන බවයි.

මේ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් අද පස්වරුවේ සදහන් කළේ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය සම්බන්ධයෙන් අයි.සී.සී.ය විමසා බැලීමක් සිදුකළ බවයි.

එහිදී අයි.සී.සී. දූෂණ මර්දන වැළැක්වීමේ ආචාර ධර්ම පද්ධතියට අනුව පරීක්ෂණයක් සිදුකිරීමට තරම් හෝ සාක්ෂි නොමැති බව අනාවරණ වී ඇති බවයි ඔහු කියා සිටියේ.

එසේම, එම කාලය තුළදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු ලිපියක් යොමුකර නොමැති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන මෙහෙයුම් ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, ඊයේ රාත්‍රියේ නාවලපිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කියා සිටියේ මෙලෙස පොලීසිය විසින් ඒ පිළිබදව සිදුකරන පරීක්ෂණ නතර කිරීම වැරදිසහගත බවයි.

තරඟාවලියට අදාළ ඔහු සඳහන් කළ කිසිඳු පුද්ගලයකුගෙන් ප්‍රකාශ ලබා ගෙන නොමැති බවත් ඔහු ජනාධිපතිවරයගනේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටි බවත් සනධන් කළේය.

පොලිසිය මේ සම්බන්ධයෙන් නිවැරදි ලෙස පරීක්ෂණ නොකර එහි වැරැද්ද තමන් පිට පවරීමට උත්සහ කර ඇති බවද මෙහි කිසිඳු පරීක්ෂණයක් සිදු වී නොමැත බවද ඔහු සනදහන් කරයි.

එක පුද්ගලයකු ගෙනවිත් ප්‍රකාශයක් ලබා ගෙන මෙසේ පරීක්ෂණයක් අවසන් කළ හැකිද යන්න ඔහු විමසා සිටයි.

මෙයට සම්බන්ධ අය විශාල වශයෙන් මුදල් වියදම් කරමින් මෙම චෝදනාවෙන් බේරීමට උත්සහ කරමින් සිටින බව අලුත්ගමගේ මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ඔහු පළකළ අදහස් පහතින්

එක්කෙනෙක් ගෙන් කට උත්තර අරගෙන ලිපි ගොනුව වහන්න පුළුවම්ද?

Posted by Newshub.lk on Friday, July 3, 2020

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here