Home Hit මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාර දෙයි

මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාර දෙයි

60
0

මහමැතිවරණයට අදාළව සියලූම දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර මැතිවරණ කොමිසමට භාරදී අවසන් කළ බව රජයේ මුද්‍රණාලය පවසයි.

මහමැතිවරණයට අදාළව ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ දෙලක්ෂයක් පමණ මුද්‍රණය කර තිබෙනවා.

මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ අද දිනයේදී එම කටයුතු අවසන් කළ බවයි.

එමෙන්ම, මහමැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන ජුලි 11, 12 සහ 13 වැනිදා තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට අපේක්ෂිතයි.

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ජුලි 29 වන දා වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here